FreeNAS සමග සෙල්ලම්

ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් මම මේ වියුණ ලියන්නේ....පසුගිය කාලේ හෝ ගාලා වැඩ තිබ්බ නිසා ඒකට වෙලාවක් තිබ්බෙත් නෑ නොවැ....
ඉතින් තව ටිකෙන් ලියන්න ගිය කාරණෙත් අමතක වෙනවා.....

මම සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්නේ Core 2 E7200 සකසනයක් තියෙන පරිගනකයක්...ටොරන්ට් බාන්න Pentium-MMX එකකට වින්ඩෝස් 2000 දාලා 20GB දෘඪ තැටියක් තමා භාවිතා කලේ (මම ඒක ගත්තේ 1998/04/28 මගේ මුල්ම පරිගනකය)....පහුගිය කාලේ ඒක අවුල් උන නිසා මේකෙන්ම තමා ටොරන්ට් බෑවේ...මේක ඉතින් මුලු රෑම දාලා තියෙනකොට නිකන් ලී මෝලක ඉන්නවා වගේ,...
මේ වැඩෙන් වෙන්නේ මම නිකම්ම ලෙඩෙක් වෙන එක නිසා අරක හදලා ගන්න ඕන කියලා හිතුනා...ඉස්සර මම එකේ පාලනයට බාවිතා කලේ VNC + uTorrent Web UI;ඒ උනාට වින්ඩෝස් වලින් දෘඪ තැටිය ෂෙයා කලාම මාර හිම්න් තමා වැඩ....

මම අලුත් මුහුනුවරක් දෙන්න හිතුවා ඉතින්...මුලින්ම මම කල්පනා කලේ ලිනක්ස් රීමාස්ටර් කරලා ගන්න...(මම knoppix එහෙම පොඩි කාලේ රීමාස්ට කලා) උබුන්ටු 6.06 ගැන මුලින්ම හිතුවත් ඒ වැඩේ අතහැරියා.පස්සේ අන්තර්ජාලේ වල්මත් වෙලා ඉද්දී තමා FreeNAS හම්බුනේ...මේක FreeBSD මත පදනම් උන සේවර් OS එකක්...පස්සේ හැමදාම වගේ කාලිංග අයියාගෙන් නිකමට අහද්දී එයාත් ඒක 2TB තොරතුරු ගබඩාවක භාවිතා කරනවලූ/.(හෆොයි....මගේ තාම 500GB :( )

අන්තිමට හිත හදාගෙන 50MB ISO එකා බාගත කරලා CD-RW එකකට දමා ගත්තා...හිතුවට වඩා සරලව පිහිටුවා ගන්න පුලුවන් උනා....ඊට පස්සේ තමා මරු වැඩ ටික උනේ..
ඒකේ සැකසුම් වල දෘඪ තැටියේ පාටිෂන් තෝරද්දී හදිසියට ඒ RAID සැකසුම් කියලා හරියට තෝරලා නෑ....මේක ගැන කාලිංග අයියටත් සුපුරුදු පරිදි කරදරත් කලාට පස්සේ තමා වැඩේ දැක්කේ...මටම හිනා...
මේකේ Torrent Client එක Transmission + WebUI .... ඔක්කොම Samba,NFS සේවරත් සකසලා පණ්ඩිතයා වගේ දැම්මා ටොරන්ට් එකක්...බලන් ඉන්නවා, බලන් ඉන්නවා තාම 0% යි.....
පොඩ්ඩක් හොයලා බලද්දී තමා දැක්කේ DNS සැකසුම් හදලා නැති වග....ඒකත් හදලා බැලුවා....මෙන්න බොලේ බබා වගේ වැඩ....

මෙන්න WebUI එකේ තිර පිටපත් කීපයක්...



Share:

4 comments