~ බුද්ධිකගේ අඩවිය ~

අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...
නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම හෝ install කරගැනීම

අද අපි ඕනෑම බූට් ඩ්ස්ක් එකක් මේ ආකාරයට බූට් කරන හැට් බලමු...වෙනත් ලිපියකින් අනෙක් මාතෘකා සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව...

මම මේ සදහා සේවරය ලෙස භාවිතාකරන පරිගනකයේ පිහිටුවා තියෙන්නෙ Ubuntu 9.04, සෑම උබුන්ටු වෙලුමකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.....වෙනත් ලිනක්ස් වෙලුම් සදහා මීට සමාන පියවර අනුගමනය කරන්න....

මුලින්ම අපිට DHCP සේවරයක් පිහිටුවාගන්න වෙනවා...මෙමගින් අනෙක් පරිගනක සම්බන්ධ වීමේදී IP Address ලබාදීම සිදුවෙන්නෙ...(මෙහිදී ඔබේ ජාලයේ අනෙකුත් DHCP සේවර ක්‍රියාවිරහිත කිරීම නුවණට හුරුයි)

apt-get install dhcp3-server

ඊට පස්සෙ /etc/dhcp3/dhcpd.conf ගොනුවට පහත පේලි ටික අදාල පරිදි එකතු කරන්න(DHCP පලමු වතාවට භාවිතාකරන්නෙක් නම් මේ ටික විතරක් දැම්මනම් හරි)..ඔබේ ජාලයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න

ddns-update-style none; subnet 192.168.1.0 netmask 255.255.255.0
{
range 192.168.1.100 192.168.1.200;
filename "pxelinux.0";
}

ඉන්පසු DHCP සේවරය ක්‍රියාත්මක කරන්න....

sudo /etc/init.d/dhcp3-server restart

දැන් අපි TFTP සේවරයක් පිහිටුවා ගන්න ඕනි...TFTP කියන්නෙ FTP වගේම protocol එකක්..නමුත් මෙහිදී authentication එකක් සිදුවන්නෙ නෑ...(ඒ කියන්නෙ Username/Password ලබා දුන්නොත් පමණක් ගොනු වලට පිවිසීමක් කරන්න පහසුකමක් නෑ)

apt-get install tftpd-hpa

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයට(නැත්නම් සාදා) මෙම ගොනු දමන්න...

1)http://archive.ubuntu.com/ubuntu/dists/intrepid/main/installer-i386/current/images/netboot/pxelinux.0 මගින් භාගත කරගත් pxelinux.0(මෙය බූට් ලෝඩරයකි)
2)http://www.sendspace.com/file/tit7gt මගින් භාගත කරගත් memdisk (කර්නලයකි)
මෙය http://syslinux.zytor.com/ ලිපිනයෙන් ද වෙනත් ගොනු ගණනාවක් සමගද භාගත හැක.
3)http://www.fdos.org/bootdisks/autogen/FDPRSZR.144.gz මෙම ගොනුව බාගත කර gunzip FDPRSZR.144.gz විධානය ලබාදී unzip කරගත් FDPRSZR.144 ගොනුව
4)මෙම ෆෝල්ඩරය තුල pxelinux.cfg ලෙස තවත් ෆෝල්ඩරයක් සදා එහි default ලෙස ගොනුවක් සාදා පහත පේලි ටික copy-paste කර save කරන්න.

DEFAULT net
PROMPT 0

LABEL net
KERNEL memdisk
APPEND initrd=FDPRSZR.144

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයේ පහත ගොනු හා ෆෝල්ඩර තිබිය යුතුය...

FDPRSZR.144 memdisk pxelinux.0 pxelinux.cfg

මෙහිදී FDPRSZR.144 ගොනුව වෙනුවට ඕනෑම disk image බාවිත කිරීමට හැකි අතර default ගෙනුවේ අදාල වෙනස්කම කරන්න.
FDPRSZR.144 යනු FreeDOS Floppy Disk Image එකයි..

දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.

සියලු පියවරල් නිසි පරිදි සිදුකරේ නම් දැන් ඔබේ පරිගනකය පනගැන්වූ පසු FreeDOS Floppy Disk එකකින් බූට් කරන පරිදිම බූට් විය යුතුය....මේ ආකාරයට උබුන්ටු පිහිටුවන ආකාරය මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න...

Wrote by බුද්ධික
Older Posts Home

LATEST POSTS

  • ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....
    අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
  • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
    ©Buddika 2004 - Released as GPL 2.0 Begin of Script _______> #/bin/bash #su - #mkdir /root/dialin echo "Please enter your pat...
  • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
    ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා... මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්//// ඊට පස්සේ ඇපෑෂ් දා...
  • සේබයොන් ලිනක්ස්
    Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.....
  • My new DIY blog :D www.incrediblediy.com
    Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
  • Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාගමු.....
    Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
  • Winamp සදහා පාලක පුවරුවක්.....
    ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්.... ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP...
  • Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....
    අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
  • ලිනක්ස් හා CDMA/GPRS/UTMS/HSPA වලින් අන්තර්ජාල භාවිතය
    මේ පිලිබදව පහත අඩවියෙන් දැනුම ලබා ගත හැක...(මා විසින් ලියන ලද ලිපියකි...) http://komputare.blogspot.com/2009/04/cdmagprsutmshspa.html
  • පරිගණකයට දුරස්ථ පාලකයක්.....
    පරිගණකය ඕනෑම අධෝ රක්ත දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරවන එක හරිම පහසුයි .....විත්‍රපටියක් වගේ බලන කොට මේක ගොඩක් ප්‍රයෝජනවත්....ඕනෙ නම් මූසිකය...

Categories

ලිනක්ස් Linux Ubuntu AutoMKV BlueSoleil CDMA Firmware Fonts GPRS HSDPA Hello J2ME Java K750 LCD Matroska Network OS Programming Skype Sony Ericsson UTMS VOIP W800 World bluetooth boot gtalk mkv අත්තර්ජාල අන්තර්ජාල උබුන්ටු ජංගම දුරකතන ජංගම දුරකතනය තාක්ෂණික පරිගනකයක පරිවර්තනය භාවිතය වීඩියෝ
Powered by Blogger.

Followers

Blog Archive

  • ▼  2013 (1)
    • ▼  February (1)
      • My new DIY blog :D www.incrediblediy.com
  • ►  2009 (40)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (11)
    • ►  March (10)
    • ►  February (9)
    • ►  January (3)
  • ►  2008 (20)
    • ►  December (15)
    • ►  June (3)
    • ►  April (2)

Copyright © 2016 ~ බුද්ධිකගේ අඩවිය ~. Designed by OddThemes & Blogger Templates