අවවාදයයි.....CPU Overheat

හපොයි.....පරිගනක කකා බිබී ඉන්න නාගයාටත් හිටපු ගමන් කෙල වෙනවා.....මෙහෙම දෙයක් නම් මේ අවුරුදු 12ටම වෙලා නෑ....
හැමදාම මගේ කේසින් එකේ පැත්තක් ඇරලා තියෙන්නේ ගලවන්න ගහන්න ලේසියට....පිලිවෙලක් වෙන්න කියලා මම අද ඒක වැහුවා,,,,ඔය අව් අස්සේ CPU Fan එක අස්සට වයර් එකක් රිංගලා..කවුද දන්නේ ඉතින්.....
මම ලිනක්ස් බූට් කරලා කාලෙකින් හම්බුන යාලුවෙක් එක්ක කතාවක් දාන් හිටියා.....මට ටිකකින් ගදකුත් දැනුනා....ඉව කරලා(මම සතානේ....) බැලුවට තැන හොයා ගන්න බැරි උනා...හිටපු ගමන් මේක ඕෆ් වුනේ නැතයි....මං හිතුවේ VGA Card එකට Power මදි කියලා......PSU එක ඉව කරාට ගානක් නෑ....කෝකටත් CPU Heat Sink එකට අත තිබ්බා...බුදු අම්මේ....මාර සැපක්......
ඒත් ගානක් නෑ නේ....කවුද හිතන්නේ.....කොහොමහරි ආයෙත් පණ ගන්නලා BIOS එකේ Hardware Monitor එකට රිංගුවා.....දෙයියනේ.............
Thermal Margin = 0C
M/B Temp=73C
CPU FAN RPM=0000

මේක ඉන්ටෙල් 45nm CPU එකක් නිසා Tj Max = 100C .....ඒ කියන්නේ ක්‍රියා විරහිත වන උෂ්ණත්වය.....
Thermal Margin = 0C කියන්නේ දැන් උෂ්ණත්වය=100C කියන එක.....වතුර උණු කරන්න පුලුවන් තව ටිකකින්....

ඊට පස්සේ BIOS එකෙන් එලියට යද්දී ආවා Unexpected Shutdown due to overheat වගේ තේරුමක් තියෙන දිග හෑල්ලක්......ඒත් එක්කම ආයෙත් ඕෆ් උනා....
පස්සේ ආයේ ඇතුලට ඔලුවා දාලා බලද්දී තමා දැක්කේ..... CPU Fan එක අස්සට වයර් එකක් රිංගලා කියලා....
ඒක අයින් කරලා BIOS එකේ Hardware Monitor එකට රිංගුවා.....එක පාරම CPU FAN RPM=9916 උනා... Thermal Margin එක...10 ,20,30,40,50...වගේ වැඩි වේගෙන ගියා...යන්තන් ඇති.....තව ටිකෙන් රු:14000 කට තට්ටු වෙනවා.....ආයෙනම් වැඩ කරද්දී Hardware Monitor එකට ඇහෙ ගහගෙන තමා ඉන්නෙ.මම GPU Temp නම් හැම වෙලේම බලනවා.....

මෙන්න දැන් තත්වේ.... :)

Share:

10 comments