Speed Test ක්‍රීඩාව........

සුපුරුදු පරිදි මට නිකන් අත පය තියාගෙන ඉන්න බැරි රෝගය අදත් උත්සන්න උනා.....
පරණ දුම් වැදි වැදී තිබ්බ Smart 5 සිම් එක හොයාගෙන Daily Delight 50MB දාගත්තා.....
ඉස්සෙල්ලාම මගේ කාමරයේ HSDPA Signal 1 ක් පමණක් තියෙද්දී පරීක්ෂා කලා.....
අවාසනාවක මහත....පුරුදු ADSL හොදයි කියලා හිතුනා....



පස්සේ සිග්නල් උපරිම තැනක් හොයාගෙන බැලුවා වෙන කාමරයක......



මෙන්න මගේ සුපුරුදු SLT ADSL 512kbps...........



මම දැක්ක දෙයක් තමා HSDPA වලදී වේග අතර විශාල වෙනසක් දැකිය හැකි වීම....
භාගත වීමකදී 60-115kBps වැනි ලොකු පරාසයක විචලනය වීම් තිබුනා....



මට නම් හිතෙන්නේ ගමනකදී හෝ සීමිත අන්තර්ජාල භාවිතයක් (භාගත කිරීම් වල) ඇති විට පමණක් HSDPA හොදයි කියලා...විශාල වශයෙන් භාගත කිරීම් සදහා SLT ADSL තමා ඉතින්.....දැන් ගානත් අඩුයිනේ....
තවත් මම දැක්ක දෙයක් තමා දුර බැහැරදී HSDPA වැදගත් වීම.....

නාගයාගේ Speed Test ක්‍රීඩාව මෙතැනින් ඉවරායි එහෙනම්...............

Share:

5 comments