සින්දු අහන අලුත්ම විදිය

මේ දවස් ටිකේම මම සේවර් එකට ඒවා මේවා වැඩ කෑලි දාන්න තමා බලන්නේ.අද අලුත් වැඩක් කලා...
FreeNAS වල එනවා DAPP සේවර් එකක්;නම Firefly Media Server,,;,Apple iTunes භාවිතා කරන ප්‍රොටෝකෝල් එක මේක තමයි...
මේකෙන් අපිට ඕන ශ්‍රව්‍ය ගොනු සේවර් එකේම තබා ගෙන තමන්ගේ පරිගනක ජාලය තුලදී පමණක් සවන්දිය හැකි...

ඉස්සෙල්ලාම FreeNAS අතුරු මුහුණතේ Services -> iTunes/DAPP මගින් සේවර් එකට ගොනු ඇති තැන එහෙම සැකසුම් සාදන්න....එච්චරයි....

මම නම් මේ ආකාරයට සින්දු අහන්න භාවිතා කරන්නේ SongBird (http://getsongbird.com/).මෙය ඉතා අනගි විවෘත කේත මීඩියා ප්ලේයරක්...එයට DAPP ප්ලගිනය දාලා ගත්තම හරී
(මෙතැනින් : http://addon-files.songbirdnest.com/xpis/2768/daapclient-0.0.3.xpi)

දැන් ඉතින් නිකන් තියෙන සේවරයෙන් ගෙදර ඕන තැනක ඉදලා හිතේ හැටියට සින්දු අහන්න පුලුවන්...

මම නම් සේවර් එකට කෝකටත් 4GB Flash එකකුත් සවිකරලා සැකසුම් දුන්නා....
ඕන නම් සින්දුවක් දාගෙන ආපු වෙලාවට කෙලින්ම සවිකරලා ගන්න පුලුවන්නේ (ipod,mp3 player වලටත් හොද අදහසක් )


මම මේ කල්පනා කරන්නේ විවෘත කේත මෘදුකාංග නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ ? කට්ටිය මොකද කියන්නේ ?

Share:

5 comments