Dialog Prepaid Broadband සමග සෙල්ලං......

මටත් අත පය නිකන් පාඩුවේ තියන් ඉන්න බෑනේ..දුම් වැදි වැඩී තිබ්බ Dialog KIT SIM එක හොයාගෙන පොඩි වැඩක් කරන්න හිතුනා...(මම ළග Upahara 1;Smart5 1;KIT 1;Hutch 1 ක් තියෙනවා)
මුලින්ම KBB කියලා 678 ට sms එකක් යවලා Dialog Prepaid Broadband ක්‍රියාත්මක කරා.....

Thank you for requesting Pre-Paid Unlimited Mobile Broadband. You will be connected within 4 hours. If there are delays please call 0777 678 678.
You have successfully activated the service. If GPRS and MMS were activated please be informed that the services will now be deactivated.
Please choose quota of your choice and send to 678 to activate. 1. KBB 20 2. KBB 50 3. KBB 400

මෙහෙම ආවට පස්සේ KBB 20 කියලා යවලා විනාඩි 30 කට ක්‍රියාත්මක කර ගත්තා....
(වැඩි විස්තර http://blog.malindaprasad.com/2009/02/26/dialog-prepaid-broadband-start-from-rs-20/ )

පස්සේ බලද්දී APN එක අවුල් වගේ.... KITBB,KIT_BB කියල බැලුවත් වැඩ නෑ....පස්සේ බලද්දී ඒක වෙනස් කරලාද කොහෙදෝ....ඒක හොයා බැලුවාම kitbb.com
(http://www.dialog.lk/en/mobile/mobilebb/prepaidbb/index.html)

පස්සේ ඔක්කොම අටවලා *99***1# ට ඩයල් කරා......

මුලින් සිග්නල් එකයි තියෙන වෙලේ ස්පීඩ් මෙන්න



මේක නම් අවුල් වගේ(මුම්බායි සේවර ටිකක් හිතන්න බැරි වේග පෙන්නන්නේ)




පස්සේ උඩ තට්ටුවේ පරිගනකයේ සිග්නල් 3/4ක් ඇතිවිට මෙහෙමයි.........







ඒත් මෙකේ තියෙන ප්‍රශ්නයක් තමා වේගයේ විචලනය වැඩි වීම....මගේ නම් 50-190kBps දක්වා විචලන තිබ්බා...හදිස්සියට කෙට් කාලයකින් ගොඩක් භාගත කර ගැනීමට තමා ඉතින් සුදුසු....ඒ නිසාම මම නම් තාම SLT ADSL (දැන් ගානත් අඩු එකේ ;) )

Share:

5 comments