K850i,BROD සහ Airtel 3G...

කට්ටිය බලයි මේ මොනවද මේ කියලා...මේවා ටිකක් විතර එකිනෙකට සම්බන්ධ මාතෘකා...මම මෙහෙම ලීවේ මට ඊයේ මූණ දෙන්න උන දේවල් නිසා...


කවුරුත් දැකලා ඇති නේ Sony Ericsson K850i ජංගම දුරකතනය..දැන් එන අලුත් සෝනි එරික්සන් ජංගම දුරකතන DB3150 chipset පාදක කර ගත් ඒවා..මේ chipset එකේ පොඩි පොඩි ලෙඩ තියෙනවා....මේකේ කලින් ඒවගේ වගේ GDFS එකක OS එකේ වැදගත්ම ගොනු ටික වෙනම නෑ මම දන්න තරමින්..මේ නිසා /boot Folder (තවත් *නික්ස් පාඩමක් නොවන බව කරුණාවෙන් සලකන්න) එකට කෙලවෙන්න පුලුවන් මොනාහරි අවුලක් උනාම(වින්ඩෝස් වල system files corrupt වෙන්නෙ,අන්න ඒ වගේ)
ඉතින් ඊට පස්සේ OS එක Boot වෙන්නෙ නැතුව යනවා........

මේකේ කැමරාව වටේට නිල් රවුමක් තියෙනවා....ඒකයි යතුරු පුවරුවේ LED දැල්වෙලා boot නොවී තිබීම තමා මේ මරණයේ නිල් මුදුව කියන්නේ (Blue Ring Of Death)
මේ තියෙන්නෙ යූටියුබ් එකෙන් උපුටා ගත් මෙහි දර්ශනයක්(අයිතිය එහි කතුවරයා සතුය....)


දැන් ඔන්න ඊයේ මගේ යාලුවෙක්ගේ යාලුවෙක්ට මේක වෙලා...මම දන්න 5-6 දෙනෙක් ගාව K850i තිබ්බටම කාටවත් මේක වෙලා නෑ..මේ ගැන නොදන්න කෙනෙක්ට මේක උනොත් පපුව පැලිලා මැරෙයි..
පස්සේ මගේ යාලුවා මෙහෙම වැඩක් වෙලා මොකද කරන්නේ කියලා ඇහුවා...මං ඉතින් පණ්ඩිතයා වගේ කීවා කෝ ගේන්න හදලා දෙන්නම් කියලා(කඩේකට ගියානම් 3000ක් විතර තට්ටුවෙන වැඩක්)
හාඩ් ඩ්ස්ක් එකේ අහුමුලු හොයලා කලින් මම මගේ එකට දාපු අලුත් ෆර්ම්වෙයා එකම හොයාගත්තා...(මං ඉතින් අලුත් එකක් ආවම ඒකටම බහිනවානේ...දැන් තියෙන්නෙ R1FA036)
යාලුවා ආපුවම ඒක ෆ්ලෑෂ් කරලා දුන්නා..එතකොට ඉතින් බූට් කාපු එක හරියනවනේ ;)

ඔන්න ටෙස්ට් කරන්නත් කියලා මම එදා උනු උනුවේ ගෙනාව Airtel සිම් එකම දාලා On කරා..මෙන්න බොලේ අලුත්ම එකක් වගේ වැඩ ;) අපරාදේ කියන්න බෑ ඔය ටිකට Airtel මාමලා Internet Settings ටිකත් SMS කරා...
අපේ ගෙදරට මීට කලින් Airtel 3G සිග්නල් ඇවිත්ම නෑ...EDGE නම් Full Signal,
යාලුවා කීවා මේ ගමනම පොඩි නෙට්වර්ක් සර්ච් එකක් දාලා බලමු කියලා.

ඔන්න ඉතින අපි දෙන්න උඩට ගිහින් සර්ච් පාරක් දැම්ම..මෙන්න බොලේ Airtel 3G කියලා ආවා..
ඒක දාපු ගමන් හැබැයි Signal කනු නම් 0යි...
ඒ පාර මගේ K850 එකෙනුයි යාලුවාගේ C902 එකෙනුයි පරීකෂා කරාට
සිග්නල් ආවේ නෑ :( එයාටෙල් සිම් එකක් දාලා නැති නිසාද මන්දා (අපි ඉතින් උපහාරනේ :P )
පස්සේ ඔන්න යාලුවාත් ගියාට පස්සේ මම මගේ එකට සිම් එක දාලා බැලුවා..
මෙන්න බොලේ HSDPA සිග්නල් 2 ක් විතර කොහොමත් එනවා..මට හරිම සතුටුයි :)
ඒ පාර මලින්ත මලයාට වීඩියෝ කෝල් එකක් ගත්තා....
මලයා මූණුපොතේ මොනාද කොටනවා..(G502 එකේ ඉස්සරහා කැමරාවක් නෑනේ)

ඔන්න ඊට පස්සේ දුරකතනය එලියේ තියලා ලැපට නීල දන්ත(:P) පාරක් දාලා සම්බන්ධ උනා...
ගූගල් එහෙම සෑහෙන්න හොදට ලෝඩ් උනා..
ඒත් ඉතින් නීල දන්ත වල වේගය ඊට වඩා අලයක් නේ..
ඒ නිසා SpeedTest එකක් කර ගන්න බැරිඋනා..
මේ ටික කරන කොට රෑ 10:30ට විතර ඇති..මම ඉන්නේ අද USB ගහලා ටෙස්ටින් පාරක් දාන්න....
යාලුවා හෙට Huwawi E220 එකකුත් ගේන්නම් කීවා ගයන්තට පින්සිද්ද වෙන්න අන්ලොක් කරපු..
ඒ උනාට SE මොඩෙම් එක Huwawi එකට වඩා ෂුවර්...
අපේ මලින්ත මලයට E220 එන්නෙම නැති එයාටෙල් 3G සිග්නල් G502 එකට එනවාලු යාන්තන්..

බලන්න ඕනි අපිටත් රුක්ෂාන් අයියට වගේ හොද වේගවත් සබදතාවක් තියෙයිද කියලා...
ඒත් එලියට විතරක් 3G සිග්නල් තියෙන එකත් අවුලක්...
ඒත් ඉතින් උන්න හැටියට මලා මදැයි කීවලු නේ.... ;)


මේ තියෙන්නෙ ඉතා දුකසේ ලබාගත් SpeedTest



මේ මගේ දුප්පත් SLT ADSL





Share:

17 comments