J2ME හා Hello! World

අනේ ඉතින් බොරු කියන්න ඕනි නෑනේ මට අතපය පාඩුවේ තියන් ඉන්න බෑනේ...ඔය හැමදේම ගැන හොයනවා..

මේ පාර ඕනි එකක් වෙන්න කියලා J2ME වලට අත ගැහුවා... මම J2SE දන්නෙ ඉතාම සුලු වශයෙන්...ඒ නිසා ඉස්සෙල්ලා ඒක කරලා හිටියොත් හොදා වගේ....

ඔන්න සුපුරුදු පරිදි ලෝකයටම ආයුබෝන් කිව්වා....
මම නම් ඉතින් printf("Hello World") කියලා නෙවේ මුලින්ම ආයුබෝන් කිව්වේ
ඊට වඩා ලස්සන විදියකට 10 print "Hello World" කියලා...4 වසරෙදි විතර මට මතක විදියට...

කොහොම කොහොම හරි පස්සෙ ගොඩක් විදියට ආයුබෝ කිව්වා
10 print "Hello World" , println("Hello World"); , printf("Hello World \n"); , cout << "Hello World \n" , System.out.println ("Hello World") ; යනාදී ලෙස...

ඔන්න ඉතින් ඊයේ රෑ වෙද්දී තව විදියකට ආයුබෝ කිව්වා මෙන්න මේ විදියට .......

import javax.microedition.midlet.*;
import javax.microedition.lcdui.*;

public class Hello extends MIDlet
{
public void startApp()
{
TextBox txt1 = new TextBox("Hello!","Hello! World",20,TextField.ANY);
Display.getDisplay(this).setCurrent(txt1);
}
public void pauseApp() {}
public void destroyApp(boolean unconditional){}
}

කම්පයිල් කරපු එක මෙන්න ... JAR

මොනා උනත් J2ME ගැන ඉගෙන ගන්න ආස හිතෙනවා.......

Share:

3 comments