අලුත් ගෑනු ළමයා !!!

කට්ටියම දන්නවනේ මන් ඉතින් දුප්පත් කොල්ලනේ.....මගේ කලින් තිබ්බේ Geforce 7200GS එකක්.....මට ළගඳී ඒක රු3500කට විකුණාගන්න පුලුවන් උනා ගත්ත කඩේටම.....මොකද තව කල් ගියාම ඕක නිකන්වත් දෙන්න බැරුව යනවනේ...තව උ.පෙ. නිසා දන්න කෙනෙක් ගෙන් රු4000 තෑගි හම්බුනා..මන් ගේම්ස් ගහන්නේම නැති තරම්...ඒත් ඉතින් කොහොමත් අලුත් වෙන එක හොදයි නේ...අනික මට Teslaව දැක්කට පස්සේ CUDA ගැන ආසවක් ඇතිඋනා....මං ඉතින් අලුත් කාඩ් ගැන හොයල බැලුවා....එතකොට තමා හම්බුනේ Geforce 9500GT....මේක කලින් තිබ්බ Geforce 8600GT එකේ G84 GPU එකේම නව සංස්කරණයක්.....G96 GPU.....ඒ වගේමයි හැබැයි වේගය වැඩී....තව එක්ක PCIe 2.0 සහාය දක්වනවා(මගේ මව්පුවරුව සහාය දක්වන්නේ නැද්ද කොහෙදෝ)
ගාන රු8000ක් විතර..මට අතින් දාන්න උනේ රු750ක් වගේ :) ..Geforce 9600GT එකක් ඊට වඩා ගොඩක් ගනන්නේ.....Geforce 9600GT මේකට වඩා හරියටම දෙගුනයක් වගේ Performance තියෙනවා.....මට හිතෙන්නේ ගානේ හැටියට මේක ගොඩක් වටිනවා.....අලුතින් ගන්න අය පොඩ්ඩක් හොයලා බලන්න....මං මේක අරන් සතිකීපයක්....මං මේක ලිව්වේ ඕව'ක්ලොක් කිරීම ගැන ලියන්න කලින්......වැඩි විස්තර පසුව

http://en.wikipedia.org/wiki/GeForce_9_Series#GeForce_9500_GT

  • 65nm G96/D9M GPU
  • 32 Stream Processors.
  • 550 MHz core, with a 1400 MHz unified shader clock.
  • 8.8 billion texels/s fillrate.
  • 256 MB/512MB 1600 MHz GDDR3 memory or 256 MB 1000 MHz GDDR2 memory, both with a 128-bit memory bus.
  • 25.6 GB/s memory bandwidth for boards configured with GDDR3 800 MHz memory.
  • Support DirectX 10, Shader Model 4.0, OpenGL 2.1, and PCI-Express 2.0.
  • Supports 3rd generation PureVideo 3 technology with VC1 decoding.


Share:

3 comments