මේ කෝඩ් එක Array භාවිතයෙන් මීට වඩා ලේසියෙන් පිලිවෙලට ලියන්න පුලුවන්ද? :O
#include <stdio.h>
#include <math.h>
int main(){
double data[11][5];
int i;
for (i=0;i<=10;i++){
data[i][0]=2+((double)i/10);printf("%f\t",data[i][0]);
data[i][1]=1/data[i][0];printf("%f\t",data[i][1]);
data[i][2]=pow(data[i][0],2);printf("%f\t",data[i][2]);
data[i][3]=pow(data[i][0],3);printf("%f\t",data[i][3]);
data[i][4]=pow(data[i][0],4);printf("%f\n",data[i][4]);}
getchar();
}
මෙහෙම පෙන්නන්න ඕනි ....
2.000000        0.500000        4.000000        8.000000        16.000000
2.100000        0.476190        4.410000        9.261000        19.448100
2.200000        0.454545        4.840000        10.648000       23.425600
2.300000        0.434783        5.290000        12.167000       27.984100
2.400000        0.416667        5.760000        13.824000       33.177600
2.500000        0.400000        6.250000        15.625000       39.062500
2.600000        0.384615        6.760000        17.576000       45.697600
2.700000        0.370370        7.290000        19.683000       53.144100
2.800000        0.357143        7.840000        21.952000       61.465600
2.900000        0.344828        8.410000        24.389000       70.728100
3.000000        0.333333        9.000000        27.000000       81.000000
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
 
 

Sony Ericsson ජංගම දුරකතන සදහා Windows වලදී  
MyPhoneExplorer ඉතාම
වැදගත් මෘදුකාංගයක්,,,
කෙට් පිණිවිඩ,දුරකතන අංක Sync කිරීම ආදී කටයුතු බොහොමයකට මේක භාවිතා කරන්න පුලුවන්
Gammu කියන්නේ මෙය සදහා Linux වලට ආදේශකයක්,නමුත් මෙහි Front end එකක්
නෑ..ඒ සදහා තමා 
Wammu තියෙන්නේ....මෙහි ඇති වෙනස වන්නේ වෙනත් වර්ග වල
දුරකතන සදගාත් සහාය දැක්වීමයි...
මම වගේ openSUSE පාවිච්චි කරනවා නම් DVD එක දමා පහත විධානය දෙන්න,,,
sudo zypper install wammu
උබුන්ටු/ඩේබියන් නම්;
sudo apt-get install wammu
වැඩි විස්තර සදහා;
http://wammu.eu/
 
 
මෙන්න මගෙන් තවත් පිස්සු පරීක්ෂණයක්.....දැන්  වෙබ් සේවරයක්  දුරකතනය තුලම පිහිටුවිය හැකි
DynDNS සහායද සහිත නිසා ip>dynamic DNS භාවිතා කරන්න පුලුවන්
වැඩේ කියන්නේ ලංකාවම එක යායක නිසා(Shared IP වලට මම කියන්නෙ එහෙමයි :P ) ඒ වැඩී නම් හරියන්නේ නෑ
මෙය J2ME මත ධාවනය වන මුදල් ගෙවිය යුතු මෘදුකාංගයක්,Trial Version එක 1MB Traffic සහ දින 30කට සීමා වෙනවා
මම මේ පරීක්ෂණ කරේ ඒකෙන් තමා....මීට සමාන නොමිළේ දෙන එකක් හොයා ගන්න තිබ්බ නම් මරු...
192.168.0.1 = පරිගනකය
192.168.0.92=දුරකතනය
මේ මම ධාවනය කරන අයුරු : ;)
එහි පරිපාලක වෙබ් UI එක :
 
 
මට පිස්සු කියලා හිතන්න එපා...මෙ කියන්න යන්නේ ඇත්තක්....
මම මේ සදහා බාවිතා කරන්නේ  MobTorrent නම් Torrent Client එකක්
මෙය විවෘත කේත මෘදුකාංගයක් වන අතර J2ME මත ධාවනය වේ...
මෙතැනින් ගන්න..
http://amorg.aut.bme.hu/projects/mobtorrent/
Symbian සදගා මෙය භාවිතා කරහැක.
මෙන්න මම ටොරන්ට් බාන හැටි...
මෙන්න බාගත කරපු ගොනුවක් 
 
 
මෙම ලිපිය පහත ලිපි හා බැදේ....
1.ජංගම දුරකතන වලට සිංහල දාමු.......
http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html
http://evoblog.comyr.com/?p=94
ස්තූතිය:http://evoblog.comyr.com/?p=94 හි අදහස් පල කල සම්පත්ට
සම්පත්ගේ අදහස දැක්කම තමා මතක් උනේ...ඇත්තටම බොහොම පින් ඒ ගැන් මතක් කරාට
මම ටක් ගාලා ජංගම දුරකතනයෙන් යුනිකෝඩ් එසැනින් පරිවර්තකයට ගියා,මේ අත්හදා බැලීම් සදහා දුරකතනයට ADSL Share කරලා නිසා වියදම්කුත් නෑනේ
ඊට පස්සේ වචන ටිකක් කොටලා Copy කරලා Paste කරා Sms editor එකට;සුපුරුදු පරිදි sms එක යැව්වා
රෙන්ඩරින් පොඩ්ඩක් අවුල්,නැතුවට වඩා ඔය මදෑ ඉතින් ;)
මලින්තගේ ජංගම දුරකතනයට සිංහල දාලා තියෙන්නේ;අපූරුවට පෙනිලා
දැන් තියෙන ප්‍රශ්නේ හැමවෙලේම එසැනින් පරිවර්තකේ පාවිච්චි කරන්න වෙන එක,ජාවා වලින් පොඩි වැඩසටහනක් වත් හදා ගන්න පුලුවන් නම් අගෙයි...
මේ තියෙන්නේ නොකියා 1650 සිංහල තියෙන දුරකතනයකින් ආපු පණිවිඩයක්
සිංහලෙන් ගොනු සහ ෆෝල්ඩර්...
 
 
දියලෙවලයක් කියන එක මොකද්ද කියලා හැමෝම දන්නවානේමොකක් හරි තලයක් සමම්ට්ටම්ද කියල බලන්න ගන්නේ....මේසන් බාස් වරු භාවිතාකරනවා දැකලා නැත්නම්
ඉස්කෝලේ චල අන්වීක්ෂයෙත් ඔන්න තියෙනවා.....
දැන් දියලෙවලයත් ඩිජිටල් වෙලා අලුත් පසුකම් එක්ක...මේකෙන් ආනතිය පවා දැක්වෙනවා අංශක වලින්...
තිරස්,සිරස් මෙන්ම සමතලයක් වුවත් පරීක්ෂාකරන්න පුලුවන්...
හැබැයි මේක භාවිතා කරන්න ජංගම දුරකතනයේ Accelometer එකක් තියන්න ඕන...
බාගත කර ගන්න http://wap.sonyericsson.com/download/ මගින් පුලුවන්
මේ තියෙන්නේ මගේ ජංගම දුරකතනයේ වැඩකරන හැටි....
තිර පිටපත් ගන්නෙ DisplayReader.exe කියන පුංචි වැඩසටහනෙන්...
 
 
මටත් අත පය නිකන් පාඩුවේ තියන් ඉන්න බෑනේ..දුම් වැදි වැඩී තිබ්බ Dialog KIT SIM එක හොයාගෙන පොඩි වැඩක් කරන්න හිතුනා...(මම ළග Upahara 1;Smart5 1;KIT 1;Hutch 1 ක් තියෙනවා)
මුලින්ම KBB කියලා 678 ට sms එකක් යවලා Dialog Prepaid Broadband ක්‍රියාත්මක කරා.....
Thank you for requesting Pre-Paid Unlimited Mobile Broadband. You will be connected within 4 hours. If there are delays please call 0777 678 678.
You have successfully activated the service. If GPRS and MMS were activated please be informed that the services will now be deactivated.
Please choose quota of your choice and send to 678 to activate. 1.  KBB 20   2.  KBB 50   3.  KBB 400
මෙහෙම ආවට පස්සේ KBB 20 කියලා යවලා විනාඩි 30 කට ක්‍රියාත්මක කර ගත්තා....
(වැඩි විස්තර http://blog.malindaprasad.com/2009/02/26/dialog-prepaid-broadband-start-from-rs-20/ )
පස්සේ බලද්දී APN එක අවුල් වගේ.... KITBB,KIT_BB කියල බැලුවත් වැඩ නෑ....පස්සේ බලද්දී ඒක වෙනස් කරලාද කොහෙදෝ....ඒක හොයා බැලුවාම kitbb.com
(http://www.dialog.lk/en/mobile/mobilebb/prepaidbb/index.html)
පස්සේ ඔක්කොම අටවලා *99***1# ට ඩයල් කරා......
මුලින් සිග්නල් එකයි තියෙන වෙලේ ස්පීඩ් මෙන්න

මේක නම් අවුල් වගේ(මුම්බායි සේවර ටිකක් හිතන්න බැරි වේග පෙන්නන්නේ)


පස්සේ උඩ තට්ටුවේ පරිගනකයේ සිග්නල් 3/4ක් ඇතිවිට මෙහෙමයි.........
 
 

ඒත් මෙකේ තියෙන ප්‍රශ්නයක් තමා වේගයේ විචලනය වැඩි වීම....මගේ නම් 50-190k
Bps දක්වා විචලන තිබ්බා...හදිස්සියට කෙට් කාලයකින් ගොඩක් භාගත කර ගැනීමට තමා ඉතින් සුදුසු....ඒ නිසාම මම නම් තාම SLT ADSL (දැන් ගානත් අඩු එකේ ;) )
 
 
බැලූ බැල්මට 21 වැනි සියවසට නොගැලපෙන කුල වගේ අදහසක් කියලා හිතුනද?බය වෙන්න එපා ඒ වගේ මෝඩ අදහසක් නොවේ....
Coding වලදී සැලකිය යුතුම දෙයක්...ඒ තම එක් එක් අගය අදාල වර්ගයට හැරවීම...
අද ජාවා වල පොඩි සෙල්ලමක් කරද්දී මට අමතක උනා...
class temp
{
public static void main(String[] args)
{
double cel=100;
double fac;
fac=( (9/5d) * cel )  + 32;
System.out.println("Temp in F is : " + fac);
}
}
fac=( (9/5d) * cel )  + 32; වෙනුවට fac=( (9/5) * cel )  + 32; ලිව්වොත් 9/5=1.0000 ලෙස තමා ගන්නේ... 5d මගින් 5,Double බවට හරවනවා....
මම මේකම C වලින් ලිව්වොත්....
int main()
{
double cel=100;
double fac;
fac=((9 / (double)5) * cel )  + 32;
printf("Temp in F is : %lf \n",fac);
}
fac=((9 / (double)5) * cel )  + 32; වෙනුචට fac=((9 / 5) * cel )  + 32; ලිව්වොත් අර ටිකම තමා....
කෝකටත් හැමවෙලේම Casting ගැන සැලකිලිමත් වෙන්න ඕන....
ලොකු ගණනය කිරීමකදී වැර දුනොත් කොහොමද ? :P
 
 
අපි වෙබ් අඩවියක සුරකීමේදී බොහෝවිට html ලෙස සුරකී....නමුත් මෙහිදී රූප ආදිය වෙනම සුරැකෙන අතර සමහර විටදී මෙය කරදරකාරී විය හැක....
මෙයට පිලියමක් ලෙස PDF ලෙස සුරකීම සිදු හැකි Firefox extension එකක් පහත අඩවියෙන් අපට ලබගත හැක.....
http://techie-buzz.com/firefox-news/convert-any-web-page-to-image-pdf-in-firefox.html
ඔබත් පාවිව්වි කර බලන්න..... :D